කතානායක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කනත්තට අරගෙන ගිහින්

0
103

ප්‍රජාතන්ත්‍රවාදයේ පියා යැයි කියාගන්නා කතානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය වළදැමීමට කටයුතු කර ඇති බව ජනමාධ්‍ය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඊයේ (14) රැස්වූ පාර්ලිමේන්තුව, සම්ප්‍රදායට හෝ නිතී රීතිවලට පරිබාහිරව කැලෑ නීතියකට අනුව ක්‍රියාකළ ආකාරයක් බව තමන් විශ්වාස කරන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි ඊයේ  පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් එසේ කී ඇමැතිවරයා රට අස්ථාවර නොකර ස්ථාවර වැඩපිළිවෙලකට අවශ්‍ය නියම තීරණය ජනාධිපතිවරයා ගන්නා බවද කීය .

එහිදී වැඩිදුරටත් පැවසූ ඇමැතිවරයා,

“දේශපාලන බලය තිබෙන පැත්තට සමහර අය යනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප තීන්දුවක් ගන්නවා. දේශපාලන බල අරගලයක් හැදුනාම මේ තත්ත්වය ඇති වෙනවා. ජනාධිපතිවරයා ව්‍යවස්ථාණුකූලව කටයුතු කළා. ව්‍යවස්ථාවට, නීතියට පටහැනිව කටයුතු කරන්නේ නෑ. රටේ කිසිදු අරාජික තත්ත්වයක් නෑ.

කතානායකවරයා කොහොමද මෙහෙම හැසිරෙන්නේ.මන්ත්‍රී විජිත හේරත් මහතා කොළ කෑල්ලක් භාරදෙනවා. ඡන්දය ගැනීමට ඇඟිලි සළකුණ තියන්න ඕන. නමින් ඡන්දයක් ගත්තේ නෑ. ඡන්දය විමසා කතානායකතුමා නිවේදනයක් නිකුත් කළේ නෑ. අතුරු තහනමක් දුන්නාම දෙපැත්තටම බලපානවා. කතානායකවරයාට තිබුණා,නීතිපතිට ලියලා, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කියන්න.“ යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here