අගමැති මහින්දට වෙඩි නොවදින වාහන ගෙන්වලාද?

0
117

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහා වෙඩි නොවදින අලුත්ම වාහන ගෙන්වා ඇතැයි මේවන විට අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු වේ.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින වාහන දෙකක් ඇණවුම් කර ඇති බවට සිදුවන ප්‍රචාරයන් සාවද්‍ය බවයි.

විවිධ මාධ්‍ය හා සමාජ ඡාලා මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ නොයෙක් සාවද්‍ය පුවත් ප්‍රචාරය කරමින් ඇති බවත් එම ප්‍රවෘත්තිය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව කිසිදු හේතුවක් මත අග්‍රාමාත්‍යවරයාට මේ මොහොතේ අලුත් වාහන ඇණවුම් කර නොමැති එහි වැඩිදුරටත් දැක්වෙයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී හෙළි වූයේ අදාළ වාහන ගෙන්වා ඇති බවයි.

නමුත් එම සුපිරි වාහන මෙරටට ගෙන්වා ඇත්තේ ප‍්‍රධාන පෙලේ වාහන ආනයනකරන සමාගම් හිමි ව්‍යාපාරිකයන් විසින් බවයි.

ඒ අනුව එම තොරතුරු තහවුරු කළ හැකි ලිපි ලේඛන පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here