කතානායක හැසිරීම නින්දිතයි වහාම පාර්ලිමේන්තුව විසුරුවන්න ගුණදාස අමරසේකර කියයි

0
78

විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට ජනතා පරමාධිපත්‍යය යටපත් කිරීමට අයිතියක් නොමැති බවත් වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතු බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

අද (20)රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ගුණදාස අමරසේකර මහතා පවසා සිටියේ ” අද පාර්ලිමේන්තුව අසූචි වලක් වෙලා . කතානායකවරයාගේ හැසිරීම නින්දිතයි. පවතින දේශපාලන අර්බුදය විසඳන්න බැහැ. විශ්වාසභංග යෝජනා දෙකක් ගෙනාවා වගකීමක් නැතිව රනිල් වික්‍රමසිංහ සතුටු කරන්න බටහිරයන් මේ සියල්ල දෙස බලාගෙන ඉන්නවා. මේ සියල්ල බටහිරයන්ට ඕන විදියටයි සිදුවෙන්නෙ. වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීම හැර වෙන විසඳුමක් නැත. යනුවෙනි.

මෙම මාධ්‍ය හමුවට නීතිඥ කල්‍යානන්ද තිරානගම, ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක, වෛද්‍ය වසන්ත බණ්ඩාර, රජරට අනුරාධ තෙන්නකෝන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here