අධිකරණ තීරණවලට එජාපයෙන් බලපෑම්? රන්ජන්ගේ කට බොරු කීවත් දිව බොරු නොකියයි

0
350

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කළ මොහොතේ අධිකරණයට නොගියේ අවාසිසහගත තත්වයක් නිසා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහු දෙරණ නාලිකාවේ වාද පිටිය වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ දෙමල ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේ අගමැති ඉවත් කිරීමට නඩු මගට ගියහොත් ඉතා වැඩි කාලයක් ගන්නා බැවින් එය අවාසි සහගත බවයි.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට වාරණ නියෝගයක් ලබා දී ඇති බවත් එම ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මණ්ඩලයක් ලෙස පත්වන බවට දැන් සාකච්ඡාවක් යන බවත් එහෙම සිදු වුවහොත් තුනක් මෙහෙට දෙකක් එහෙට හින්දා තීන්දුවේ වෙනසක් නොවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා ප්‍රශ්න කළේ එහෙම අධිකරණ තීන්දුවක් ලබාදීමට පෙර රන්ජන් මන්ත්‍රීවරයා එම තීන්දුව ගැන කියන්නේ කෙසෙද? යන්නයි.

ඒ අවස්ථාවේදී බියට පත්වෙමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ “මං මුකුත් කිව්වේ නෑ. තාම මුකුත් කිව්වේ නෑ“

අලුතින් පත්වූ නව අගවිනිසුරුතුමා පිළිබද දැනට ප්‍රසාදයක් තිබෙන බවත් නමුත් ඉදිරියේදී අපි බලමු මොකද වෙන්නේ කියලා“ යැයි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් නීති විශාරදයින් පවසන්නේ රන්ජන් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය අධිකරණයට බලපෑම් කිරීමක් බවයි.

අපක්ෂපාතී ලෙස කටයුතු කරන අධිකරණයට පක්ෂග්‍රාහී ලෙස තින්දු ලබා නොදෙන බවත් එසේ තිබියදී තීන්දුව වෙනස් නොවන බවටත් විනිසුරුවරුන්ගේ තීරණ පිළිබඳ කල් තියා ඔහුට ප්‍රකාශ කළ නොහැකි බවත් එසේ කිරීමෙන් පෙනී යන්නේ ඔහු විනිසුරුවරුන්ට බලපෑම් කිරීමක් බවත් එම නීති විශාරදයින් පෙන්වාදුන්නේය.

එම වීඩියෝව පහතින්

එජාපය අධිකරණයට බලපෑම් කළාද? රන්ජන්ගේ කටින් පනී

එජාපය අධිකරණයට බලපෑම් කළාද? රන්ජන්ගේ කටින් පනී

Posted by Srilankapuvath on Tuesday, November 20, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here