අගමැතිගේ වියදම් කප්පාදු යෝජනාව විවාදයට ගන්න බෑ හේතුව මෙන්න

0
110

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවටත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ කැබිනට් මණ්ඩලයේ වියදම් කපා හරින ලෙසත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව ලබන 29 වනදා විවාදයට ගැනීමට සූදානම් වුවද මේවන විට එය විවාදයට නොගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව පක්ෂ නායක රැස්වීමේදී එම ඉල්ලීම සිදු කිරීමට සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග පැවසී ය.

එක්සත් ජාතික පක්ෂය, දෙමල ජාතින සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බැවින් අධිකරණයේ නඩුවක් පවතිද්දී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විවාදය පැවැත්වීම සිදුකළ නොහැකි බැවින් ආණ්ඩු පක්ෂය එම ඉල්ලීම සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති බව විශ්වාසභංගය හරහා තහවුරු වී ඇති බැවින් අගමැතිවරයාගේ පත්වීම බලරහිත කරන ‘කෝ වොරෝන්ටෝ‘ ආඥාවක් ඉල්ලා මෙම නඩුව පවරා තිබේ.

අදාල පෙත්සම ලබන 30 වනදින සහ දෙසැම්බර් 03වනදා සලකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය ඊයේ (26) නිවේදනය කළේය.

කෙසේ වෙතත් විපක්ෂයේම මන්ත්‍රීවරුන් විසින් අධිකරණය හමුවේ ගොනුකර ඇති මෙම නඩුවක් හේතුවෙන් ලබන 29 වනදා එම විවාදය පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නොහැකි වී තිබේ.

මේ තත්ත්වය මත මෙම විවාදය හෝ යෝජනාව සාකච්ඡාවට ගැනීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇති බවත් ඒ අනුව ආණ්ඩු පක්ෂයේ කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාමට හැකි බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here