රනිල්ගේ TNL නාලිකාව හරීන්ගේ මුව හමට තලයි සල්ලාල මුදලාලි යැයි නමක් පටබදියි

0
435

හැට පැන්න වුන් පන්නා දමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කරන ලද ප්‍රකාශය හේතුවෙන් ටීඑන්එල් රූපවාහිනිය විසින් සිය ප්‍රවෘත්ති විකාශය අතරතුරදී ඔහු ඉලක්ක කර දැඩි විවේචනයක් එල්ල කළේය.

හරීන් ප්‍රනාන්දු නම් ව්‍යාපාරිකයා විසින් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයට අගෞරව කරන බවත් පැවසූ එම වාර්තාව ද එක්සත් ජාතික පක්ෂයේ වයස 60 ඉක්මවූ නායකයන් විවේචනය කිරීම හරීන් ප‍්‍රනාන්දුගේ නොමේරූ සල්ලාල ක්‍රියාවක් යැයි ද කියා සිටියේය.

සිය මාන්නක්කාර දේශපාලනය තුළ නොමේරූ හරීන් මේ වන විට එජාපයට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයට ලක්වී ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයාට අයත් නාලිකාව විසින් මන්ත‍්‍රීවරයා දැඩිව විවේචනය කරමින් චෝදනා කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here