එජාපයේ සුනන්ද දේශප්‍රියලාගේ බොරු ඉවරයි – චම්පිකා මලල්ගොඩ පත් වූ සැබෑ දිනය මෙන්න

0
107

විජිත් මලල්ගොඩ මහතාගේ බිරිද මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යවරයා විසින් ලංකා අයෝජන මන්ඩලයේ විධායක ජෙනරාල්වරිය ලෙසක් පත් කොට ඇති බවට එක්සත් ජාතික පක්ෂ හිතවාදී මාධ්‍ය හරහා පුවත් පළකර තිබුණි.එවන් වූ පසුබිමක් තුල විජිත් විමල්ගොඩ විනිසුරුවරයගෙන් සධාරණ තීන්දුවක් අපේක්ෂා කල හැකි දැයි ඔවුන් ප්‍රශ්න කර සිටියේය.

විජිත් මලල්ගොඩ මහතාගේ බිරිද වන චම්පිකා මලල්ගොඩ මහත්මියව ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ධූරයකට පත් කරන ලද්දේ වසර 30ක පමන කාලයක් රාජ්‍ය සේවයේ අත්දැකීම් ලබා ඇති නිසාවෙනි.මේ අතර ආයෝජන මණ්ඩලයේ ඡ්‍යෙෂ්ඨතම නිළධාරිනියක් ලෙස ඇය ව හදුන්වයි.

ඒ අනූව ඇගේ පත් කිරිම සිදු වූයේ පිටතින් නොවන ඇතුළතින් සිදු වූ පත් වීමක් වන අතර එම පත්වීම සිදු වූයේ ඔක්තෝම්බර් 26වන දින බල පෙරලියට පෙර ය.

ඒ අනූව මෙම පත් වීම සිදුව තිබෙන්නේ හිටපු ආයෝජන අමාත්‍යවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා සිටි කාලයේදී වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here