සරත් ෆොන්සේකා ළඟදීම ඇතුලට යන ලකුණු හේතුව මෙන්න

0
96

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා දෙසැම්බර් මස 05වනදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(28) නියෝග කළේය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදැසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ ඔහු අධිකරණ භාරයට ගත්තේය.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා මෙලෙස අධිකරණය වෙත පැමිණ  තිබිණි.

මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමට බවත් එම සිද්ධියට තවමත් මෙම සිද්ධියට නඩු පවරා නොමැති බවත් වාර්තා වේ.

පොලිස් ආරංචි මාර්ග පැවසූවේ රහස් පොලිස් ප්‍රශ්න කිරීමේ හමුවේදී මෙම සිද්ධියට අදාලව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවත්ය.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයාගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු රැසක් හෙළිදරව් වීමට නියමිත බවද වාර්තා වේ.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු හට රැකවරණය ලබාදුන් බවට අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ලිඛිතව දැනුම්දුන්න ද සේවයේ අවශ්‍යතාවක් මත ඔහු රටින් බැහැරව සිටීම හේතුවෙන් එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටියේ නැත.

කෙසේවෙතත් මේ වන විට අවස්ථා දෙකකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ද අධිකරණය නියෝග කර තිබුණේය. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන තෙක් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව නඩු පවරා නොමැත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here