එජාප කුමන්ත්‍රණය අසාර්ථකයි ජනපති සියළු අමාත්‍යංශ ලේකම්වරු කැඳවා පාලන කටයුතු ස්ථාවර කරයි

0
799

අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊ‍යේ (03) අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අවශ්‍ය උපදෙස් හා නියෝග ලබා දී ඇත.

ඒ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ අද (04) පෙරවරුවේ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැති බවයි.

එහිදී අමාත්‍යංශ ලේකම්වරුන් මෙම උපදෙස් ලබා දී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

2018.12.04 දින පෙරවරුවේ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් අතිගරු ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වන ලදී. එහිදී ;

“අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරන ලද අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් ගරු අභියාචනාධිකරණය විසින් 2018.12.03 දින අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දී ඇත.

තවද, මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙසට, සියළුම රාජ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් දැනටමත් අවශ්‍ය නියෝගයන් නිකුත් කර ඇත.”

ජනාධිපති මාධ්‍ය අංශය

2018-12-04

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here