ජනපති එජාප උගුලේ එජාපයම හිරකරයි නඩුව ඉවර වනතුරු අගමැති ඇමති පත්කිරීම් නෑ

0
500

අධිකරණය හමුවේ පවරා ඇති නඩු කටයුත්ත අවසන් වන තෙක් නව අගමැතිවරයෙක් හෝ ඇමති මණ්ඩලයක් පත් නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමගින් ඊයේ රාත‍්‍රියේ පැවති සාකච්චාවේදීය.

එමෙන්ම කිසිම තත්වයක් යටතේ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට යලිත් පත් නොකරන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ.

මේ අතර නීති ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීණයන් සදහන් කරන්නේ අදාල නඩුව සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ලැබීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවයි. එනිසා එතෙක් කාලයක් නව අගමැතිවරයෙකු හෝ ඇමති මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් නොකරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here