රටම බලා සිටි නඩු විභාගය ඇරඹේ විස්තරේ මෙන්න

0
1064

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගය ආරම්භ වී තිබේ.

අගවිනිසරු ප‍්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනෙයි.

අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ, බුවනෙක අළුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මූර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගයට ගැනේ.

ශ්‍රෙෂ්ඨාධිකරණය අවට දැඩි ආරක්‍ෂාවක් යොදා ඇත.

අද හෙට හා අනිද්දා දිනයේ අඛණ්ඩව මෙම පෙත්සම් විභාගයට ගැනෙයි.

ඇතිව තිබෙන දැඩි අර්බුදකාරී තත්වය හේතුවෙව් මෙම පතේසම් සම්බන්දයෙන් ලැබෙන තීන්දුව ඉතාම වැදගත් සේ සැලකෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here