රනිල්ගේ අගමැතිකම උදුරාගැනිම රාජද්‍රෝහී කුමන්ත්‍රණයක් අනුර කියයි

0
212

අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවත් සමගින් මෙරට සිදුව ඇත්තේ රාජ්‍යද්‍රෝහී කුමන්ත‍්‍රණයක් බව පැහැදිලි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මෛතී‍්‍රපාල සිරිසේන හා මහින්ද රාජපක්‍ෂත් එක්වී රාජ්‍ය බලය පැහැරගත්තේ දේශපාලන කුමන්ත‍්‍රණයකින් බවත් එම රාජ්‍ය ද්‍රෝහී කුමන්ත‍්‍රණය නිසි ලෙස තේරුම් ගත යුතුව ඇති බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා සදහන් කරයි.

මෙම රාජ්‍යද්‍රෝහී කුමන්ත‍්‍රණයට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදිය යුතු බවත් ඒ සදහා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර කොමිසමක් පත්කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

ජවිපෙ නායකයා මෙම අදහස් පල කරන ලද්දේ එම පක්‍ෂ මූලස්තානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here