රනිල් පක්ෂ නායකත්වය හෝ රැකගැනීමේ අරමුණින් රවී ඇතුළු රනිල්ගේ කල්ලිය රෑට රෑට මහින්ද-මෛත්‍රී හමුවට යවලා

0
1306

මීට පෙර පැවති එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්චා වලදී වික්‍රමසිංහ මහතා සියලුම එජාප මන්ත්‍රීවරු හට තරයේම කියා සිටියේ කිසි ලෙසකින් මෙම දිනවල මහින්ද රාජපක්ෂ මහතාව හෝ මෛත්‍රිපාල සිරිසේන මහතාව හමුනොවන ලෙසටයි.

නමුත් මේ දිනවල අපට වාර්තා වන්නේ රනිල්ගේ අනුදැනුම මත රවී කරුණානායක මහතා හා රනිල්ගේ විශ්වාසවන්තයින් රාත්‍රී කාලයේදී නිරන්තරයෙන් මහින්ද හා මෛත්‍රී හමුවී ඔහු සමග රහස්‍ය සාකච්චාවල නිරතවන බවයි.මන්ත්‍රී වරුන්ට අකැප රවී ඇතුළු කල්ලියට කැප රනිල්ගේ මෙම නිතිය පක්ෂය හෝ පාක්ෂිකයා වෙනුවෙන්ද නැතහොත් පක්ෂ නායකත්වය රැක ගැනීමේ තවත් කූට ප්‍රයෝගයක්ද ?.මෙය සැබවින්ම ප්‍රශ්නයකි .

බල උන්මාදයෙන් සිටිනවා යැයි පැවසෙන පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා එජාප ආණ්ඩුව පෙරලා දමා තමන්ගේ ආණ්ඩුවක් බිහිකිරීම වෙනුවෙන් තම ඇමතිධුර ප්‍රතික්ෂේප කරමින් ඒවා එජාපයට පැනීමට සිටින තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙන ලෙසට එකඟතාවයන් ඇතිකරගන්නා මොහොතක, 1994 සිට හරිහමන් ආණ්ඩු බලයක් නොමැතිව අවු.21ක් විපක්ෂයට වී සිටින එක්සත් ජාතික පක්ෂයේ නායකයාට මේ මොහොතේ අඩියක් පස්සට ගෙන පක්ෂයේ වෙනත් අයෙකුට අගමැති කම ලබාදීමට එකඟ වී හෝ ආණ්ඩු බලය රැකගෙන 21 වසරක් දේශපාලනික බැට කා අසාදාරණයට ලක්වෙමින් සිටින පාක්ෂිකයාට සාධාරණයක් ඉටුකිරීමට රනිල් නොපෙලබෙන්නේ කුහකත්වය නිසා නොවේද.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here