අද සිදුවූ මාරක අනතුරු මෙන්න

0
59
  • අද(04) උදෑසන 6ට පමණ අලවතුගොඩ පොලිස් වසමේ මහනුවර මාතලේ ඒ-9 මාර්ගයේ අකුරණ ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට දී සිදුවු රිය අනතුරකින් තරුණයෙක් මිය ගොස් තිබේ.

මහනුවර දෙසට ගමන් කළ ජීප් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තවත් කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් ජීප් රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු පුද්ගලයින් 4ක් තුවාල ලබා අකුරණ රෝහලට ඇතුළත් කිරීමේ දී මෙම තරුණයා මියගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් වු පිලදූව මද්දුම බෝගහවත්තගේ රුචිර මධුසංක නැති දඹුල්ල, හබරණ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය අකුරණ රෝහලේ තැන්පත් කර ඇත.

අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර, අද උදෑසන 8.30 ට පමණ බෙලිඅත්ත හක්මන මාර්ගයේ බෙලිඅත්ත දෙසට ගමන් ගමන් ගත් යතුරු පැදියක පදික මාරුවෙන් ගමන් ගත් කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව බෙලිඅත්ත හත්බෝධිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකාරීය වයස අවුරුදු 69 ක් වු ප්‍රේමාවතී සෙනරත් යාපා නැමති බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය බෙලිඅත්ත හත්බෝධිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

එමෙන්ම අද උදෑසන 10.45 ට පමණ කඩුගන්නාව පොලිස් වසමේ කොළඹ මහනුවර, මාර්ගයේ ද රිය අනතුරක් සිදු වී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පිළිමතලාව ප්‍රදේශයේ දී මහනුවර දෙසට ධාවනය වු ලංගම බස් රථයක මාර්ගය හරහා ගමන් කළ පුද්ලගලයෙකු ගැටී මෙය සිදුව තිබේ.

අනතුරින් බරපතළ ලෙස තුවාල ලැබූ පදික පුද්ගලයා කඩුගන්නාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක් වු කපිල තිලකරත්න නැමති නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි අෙයකි‍.

කඩුගන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here