එජාපයේ නියෝජ්‍ය නායක ධුරය රවීට දෙනබව රනිල් ලිඛිතව දන්වයි

0
1685

තමා එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව පත්කරන බවත් , ඉන්පසු ඉදිරියේදී ඔහුට මුදල් අමාත්‍ය ධුරයද පිරිනමන බවත් ලිකිතව තහවුරු කරමින් වික්‍රමසිංහ මහතා කරුණානායක මහතා වෙත ලිපියක් යවා ඇති බව වාර්තාවනවා.

සැබවින්ම මෙය එජාපයේ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් කැපවී කටයුතු කරන එජාප පාක්ෂිකයන්ගේ යටි බඩට අනින ලද පිහි පහරකි.ඊට හේතුව වන්නේ පාක්ෂිකයන්ගේ අපේක්ෂාවන් බිඳදමනින් වසර 21ක් තිස්සේ එජාපයට ආණ්ඩුවක් අහිමි කල පුරෝගාමියා වන්නේ රවී කරුණානායක වීමයි. එනම් 2001 දී බිහිවූ එජාප ආණ්ඩුව බිඳවැටීමට මුලිකම හේතුව වුයේ සතොස පෞද්ගලික අංශයට කුනුකොල්ලෙට විකුණා රජයට විශාල පාඩුවක් කිරීමයි. එයට මුලික වුයේද එවකට වෙළඳ ඇමති වූ රවී කරුනානායකයි.එම වරද හේතුවෙන් එජාපයට අවු.13ක් විපක්ෂයේ සිටීමට සිදුවිය.එමෙන්ම 2015දී එජාපය ලබාගත් ආණ්ඩුව බිඳවැටීමට මුලිකම හේතුව වූ බැඳුම්කර වංචාවයි. එයට මුලික වුයේද කරුණානායක මහතාය.

මෙලෙස සැමදා රටට අහිතකර තීන්දු තීරණ හරහා එජාපය වලපල්ලට යැවූ රවි වැනි පුද්ගලයෙකුට තවදුරත් පක්ෂය තුල මෙවැනි  ස්ථානයක් ලබාදීමට කටයුතු කරන්නේ මන්ද ? හේතුව අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාසයි.එනම් මේ මොහොත වන විට එජාපයේ ජනප්‍රියම පුද්ගලයා ප්‍රේමදාස වී හමාරය.පාක්ෂිකයින්ගෙන් 95%කට වැඩි පිරිසක් ඉල්ලන්නේ ද ඔහුවය.මේ අවස්ථාවේදී ප්‍රසිද්ධියේ නොකිකිව්වාට එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමද ඉල්ලා සිටින්නේ සජිත්ව බව රනිල් හොදින්ම දනී.එම නිසා තම නායකත්වය බේරා ගැනීමට සජිත්ව දුරුවල කිරීම රනිල්ගේ අරමුණවී ඇතිබව පැහැදිලිය,එවැනි පසුබිමක සජිත්ව පක්ෂයෙන් කැපීමට රනිල් මිට වඩා තීන්දු තීරණ ඉදිරියේදී ගන්නා බව ද  පැහැදිලිය. ඉදිරියෙදී TNL හරහා රවිගේ ගුණ ගායනා කරමින් ඔහුව පක්ෂයේ පොරක් කරීම රනිල්ගේ මීලග උපාය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here