රාජ්‍ය සේවකයෙකුගේ වරප්‍රසාද ලබමින් පූර්ණකාලීන එජාප දේශපාලනය කරලා…පිරිමි නර්ස් සමන්ට එරෙහිව පරීක්ෂණ

0
30

පුරුවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පූර්ණ කාලීනව වෘත්තීය සමිති කටයුතු වල යෙදෙමින් රාජ්‍ය සේවයේ වැටුප් ලබා ගැනීම සහ අනෙකුත් වරප්‍රසාද ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන කරාපිටිය ශීක්ෂණ රෝහලේ හෙද නිලධාරිවරයෙකු ලෙස 2003 වසරේ රාජ්‍ය සේවයට එක් වී ඇති බව මූලික විමර්ශන වලදී හෙළි වී ඇත.

ඒ බව අනාවරණය වී ඇත්තේ රත්නප්‍රිය මහතා ඉතුත් දෙසැම්බර් මස 9 වැනි දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපතිවරයාට මරණීය තර්ජනයක් ඇති වන අන්දමින් සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමින් සිදු කළ බව පවසන ප්‍රකාශය සම්බන්ධයෙන් පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන සංවිධායක උපුල් නිශාන්ත මහතා පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ වලදී බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here