කිලිනොච්චියේ දිවියා මිය ගිය හැටි වනජීවී නිළධාරියෙක් හෙළි කරයි

    0
    391

    පසුගිය 21 වනදා කිලිනොච්චියේ ආම්බන්කුලම ප්‍රදේශයේ දිවියෙන් ඝාතනය කිරිම නිසා ඒ පිළිබදව සමාජ මාධ්‍ය තුළ විශාල කතා බහක් හට ගෙන තිබුණි.

    සමාජ මාධ්‍ය තුළ මේ ආකාරයට කතා බහක් ඇති වන අතරේ වනජිවී නිළධාරියෙක් විසින් තමන්ගේ අදහස ෆේස්බුක් වෙත මුදා හැර තිබේ.

    එම අදහස පහලින්

    “මෙම දිවියා ගමට ආ බවට ආරංචි වූ කිලිනොච්චිය වනජීවී නිලධාරීන් වන අපි පනිවිඩය ලැබූ සැනින් එම ස්ථානයට ගියා. පොලිසිය මහත්වරුන් කීප දෙනෙකු සිටියත් ඔවුන්ගේ කීම පවා පිලිගැනීමට මිනිසුන් සූදානම් වූයේ නැත. මිනිසුන්ගේ හැසිරීම,කලහකාරී බව, ඔවුන්ට මෙම සතා මැරීමට තිබූ උනන්දුව දැක්කේ එතන හිටිය අපි විතරයි. මිනිසුන් 400-500ක් කඩු පොලු අරන් ඒ අවස්‍ථාවේ හැසිරුණු ආකාරය දැක්කේ අපි විතරයි. පශු වෛද්‍ය නිලධාරිතුමා සතා නිර්වින්දනය කිරීමට සූදානම් වෙනකොට මිනිස්සු 100 විතර ඉස්සහට ඇවිත් සතා මරන්න හදනකොට සතා නිර්වින්දනය කරන බෙහෙත එතන මිනිහෙක්ගේ වැදුනානන් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. ඒ මිනිසුන්ට ඇත්තටම උවමනා උනේ සතා මරන්න. අපි ඒක ඔවුන්ගේ හැසිරීමෙන් දැක්කා. අපි තුවක්කු ආරක්ෂා කර ගන්නත්, වාහන ආරක්ෂා කර ගන්නත් යන දේ ඒ අවස්‍ථාවේ කර ගත යුතුය. විශේෂයෙන් තුවක්කු ආරක්ෂා කර ගත යුතුය. පොලිස් සහය හැර වෙන දෙයක් අපි දුටුවේ නැත. අප එතනින් ඉවත් උනේ පොලිස් සහය ලබා පැමිණිමටය.”

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here