දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉදිකළ පිරිවෙන් ශාලා සංකීර්ණය ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් විවෘත කරයි

0
205

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සග සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පිංකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත පැමිණි ජනාධිපතිතුමා පළමුව සමරු ඵලකය නිරාවරණය කරමින් වාහල්කඩ ද්වාරය විවෘත කළ අතර අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සග සතු කොට පූජා කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here