ජර්මන් නායක ඇන්ජෙලා මර්කල්ගෙන් යුරෝපා නායකයින්ට ඉල්ලීමක්

0
264

සංක්‍රමණිකයන් පිළිබඳ ගැටළුවට විසදුම් සොයනු පිණිස එකමුතුව ක්‍රියාකරන මෙන් ජර්මනියේ චාන්සලර් අන්ජෙලා මර්කල් යුරෝපා නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

සංක්‍රමණිකයන් සම්බන්ධ ප්‍රශ්නය යුරෝපා සංගමයේ තීරණාත්මක අවස්ථාවක් විය හැකි බව ජර්මනියේ පාර්ලිමේන්තුව අමතා අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේය.

චාන්සලර් අන්ජෙලා මර්කල් එම අදහස් පළ කළේ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් බ්‍රසල්ස් නුවර දී යුරෝපා නායක සමුළුවක් ආරම්භවීමට නියමිතව තිබියදීයි.

මධ්‍යධරණී මුහුදේදී සිය ජීවිත අවදානමේ හෙළමින්, අප්‍රිකානුවන් ප්‍රමුඛ විවිධ ජාතීන් නව ජීවිතයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් යුරෝපයට සංක්‍රමණය වීම සම්බන්ධයෙන් කටයුතු කළයුත්තේ කෙසේදැයි සාකච්ඡා කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වේ.

සිරියානු යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස සහ අනෙකුත් ගැටුම් හේතුවෙන් යුරෝපයට සංක්‍රමණය වී දේශපාලන රැකවරණ පතන පිරිස් ද ඒ අතර සිටියි.

දහස් ගණනක් සංක්‍රමිකයන් දිනපතා ග්‍රීක දූපත්වල වෙරළට ලඟා වූ 2015 දී තරම් පවතින තත්ත්වය තවමත් උත්සන්න වී නැහැ.

2015 වසරේ ඔක්තෝබර් මාසයේ ඇතිවූ ඉහළම සංක්‍රමණ වාර්තාවලින් අනතුරුව, නීති විරෝධී ලෙස යුරෝපයට පිවිසෙන ප්‍රමාණය 96% කින් පහත වැටී ඇති බව යුරෝපා සංගමයේ උපායමාර්ගික මෙහෙයුම් මණ්ඩලයවූ ‘යුරෝපා කවුන්සිලය’ ප්‍රකාශ කරයි

නමුත් පසුගිය වසරේ ජුනි මාසයේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවලට ඉතාලි වරායන්ට ඇතුළුවීම තහනම් කිරීම, නැවත මෙම ගැටළුව යුරෝපා සංගමයේ ප්‍රමුඛ අවධානයට ලක්වීමට හේතුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here