නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය කර චීන සල්ලි ඇල්ලේ ගුණවංශ හිමි ගත් හැටි හෙළි වෙයි

0
708

තමන් එක ඩොලරයක් අරන් තියෙනවා නම් බෙල්ල කපා ගන්නවා යැයි ජපානයේ දී ප්‍රසිද්ධියේ කී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩොලරයක් නොව ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් හම්බන්තොට වරායට චීනය දුන් ණය මුදලින් ලබා ගෙන ඇතැයිද, ඇල්ලේ ගුණවංශ හිමියන් ඩොලර් 38000 ක් ලබා ගෙන ඇතැයිද, පසුගිය 25 වෙනිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ මරියා අබි හබීබ් මහත්මියගේ වාර්තාවකින් හෙළිදරව් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් අද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාශයට (FCID යට) පැමිණිල්ලක් කෙළේය.

මෙහිදී ඇති වැදගත්ම කාරණය නම්, පිලිපීනය සහ බංග්ලාදේශය විසින් ප්‍රතික්ෂේප කළ, ලෝක බැංකුව විසින් අසාදු ලේඛන ගත කළ, චුදිත චීන සමාගම වන ‘චයින හාබර්’ සමාගමේ ලංකාවේ කාර්යාලය පිහිටා ඇත්තේ ද FCID ය පිහිටා ඇති ගොඩනැගිල්ලේම දෙවන තට්ටුවේ වීමයි.

ඩොලර් 38000 ක් තමා චීන ව්‍යාපාරිකයෙකුගෙන් ලබා ගත් බවට ඇල්ලේ ගුණවංශ හිමියන් පිළිගෙන ඇතැයි ද රන්ජන් රාමනායක මහතා කළ පැමිණිල්ලේ දැක්වේ. ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ කතාව සිහි ගන්වමින් ඇල්ලේ ගුණවංශ කියා ඇත්තේ තමා පන්සලේ සිටියදී නොදන්නා චීන ව්‍යාපාරිකයෙකු පැමිණ තමාට ඩොලර් 38000 ක් දී පිටව ගිය බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here