දූෂිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අජිත් නිවාඩ් කබ්රාල් අනුමැතිය දුන් හැටි හෙලි වෙයි

0
175

මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස ඇතුලත් කරගැනීමට අවශ්‍ය අනුමැතිය දූෂිත ලෙස ලබා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පලාත් සභා මන්ත්‍රීවරයෙකු ද වන මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහ බැංකු අධිපතිවරයා ද වූ අජිත් නිවාඩ් කබ්රාල් විසින් බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විශේෂ පරීක්ෂණයකින් අනාවරණය කරගෙන තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මෙම අනුමැතිය ලබා දී ඇත්තේ 2013 වසරේ වීම ද විශේෂත්වයකි.

මෙලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස ඇතුලත් කර ගැනීමට හේතු වී තිබෙන්නේ අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහෝදරිය වන ශිරෝමි වික්‍රමසිංහ පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කිරම හේතුවෙන් බව වාර්තා වේ.

මේ පිළිබද තොරතුර පහත ප්‍රවෘත්ති විකාශයෙන්

කබ්රාල්ගේ බොරුව

කබ්රාල්ගේ බොරුව #lka #AjithCabraal

Posted by Newsfirst.lk on Tuesday, July 10, 2018

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here