ග්‍රාම ශක්ති සාර්ථකව ඉදිරියට – ජනපති උපදෙසින් ජල ව්‍යාපෘතියක් සති දෙකෙන් දුන් හැටි

0
399

පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් “ග්‍රාම ශක්තියෙන්  ගම හදන ගමන” නමින් ග්‍රාමීය ජනතාවගේ සංවර්ධන ගැටලු  විසඳීම සඳහා වැඩසටහනක් දියත් කෙරුණ අතර එහි පළමු වැඩසටහන මීට සති දෙකකට පෙර පුත්තලමේදී පැවැත්වින.

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ නියෝජනය කරමින් ජනතාව සහභාගී වූ අතර තමන්ට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති ජනාධිපතිවරයාගෙන්ම ඉල්ලා සිටීමේ අවස්තාව ඔවුන්ට හිමි විය. එහිදී තමන්ට ගැටලුවක්  වූ පානිය ජල ප්‍රශ්නයට පිලියමක් ඉල්ලු පිරිසකට ජනපතිවරයා ඒ මොහොතේම විසඳුමක් ලබා දෙමින් අදාළ ඉල්ලීම ඉටු කරන ලෙස අදාළ නිලධාරීන් වෙත නියෝග කළේය.

ඒ අනුව එම සති දෙකක කාලයක් තුල අදාළ ජාල ව්‍යාපෘතිය ඉදිකර අවසන්ව ඇති බව ජාතික රුපවාහිනි පුවත් මගින් ඊයේ දිනයේ වාර්තා කල අතර එම ව්‍යාපෘතිය ලබන 17 වනදා ජනතාවට හිමි වීමට නියමිතය.

ඒ සම්බන්ධ වීඩියෝව පහතින් නරඹන්න…

මේ සම්බන්ධව ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් ආකාරය…

මෙම වැඩසටහනේදී ඉදිරිපත් වූ අනෙකුත් ඉල්ලීම්ද යතාර්ථයක් කරමින් අදාළ නිලධාරීන් ඒ කටයුතු සිදු කරන බව අපට වාර්තා වූ අතර දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වල “ග්‍රාම ශක්තියෙන් ගම හදන ගමන” වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී ඔබේ දිස්ත්‍රික්කයටද පැමිණෙනු ඇත එහිදී ඔබට ගැටලුවක්ව පවතින සංවර්ධන ගැටලු ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබටද හිමි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here