ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිල සංචාරයක් සදහා ඉතාලිය බලා පිටත්ව යයි

    0
    211

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙදින නිල සංචාරයක් සදහා ඉතාලිය බලා අද(14)අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය.එ් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වන සංරක්ෂණ සමුළුවට සහභාගී වීමට ය.මෙවර පැවැත්වෙන්නේ 26වන සැසිවාරය වීම ද විශේෂත්වයකි.

    එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශනයක් ද සිදු කිරිමට නියමිත ය.

    මේ අතර ඉතාලියේ නිල සංචාරය අවසන් වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ජොර්ජියාව බලා පිටත් යාමට නියමිත අතර එහි පැවැත්වෙන විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුවට සහභාගී වීමට නියමිතය.

    මෙම සමුළුව සදහා රටවල් 99ක් සහභාගී වන අතර ශ්‍රි ලංකාව මෙහි සමාජිකත්වය ලබාගත්තේ 2015 වසරේදි ය.ශ්‍රි ලංකාවේ වර්තමානයේ සමානාත්මතාවය සහ යහපත් පරිසරයක් පැවැතීම නිසා ජනාධිපතිවරයාට මෙම අවස්ථාව හිමි ව තිබේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here