නිව්යෝර්ක් ටයිම්ස් විවාදයට පෙර මහින්ද සිංගප්පූරුවට පැන ගියේ ඇයි ? ඇත්ත හෙළි වෙයි

0
924

පෙරේදා නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව සම්බන්ධයෙන් පැවති විවාදය හිටපු ජනාධිපති කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහභාගී නොවී  සිංගප්පූරුවට පලා යෑමට හේතු වී ඇති කරුණු පිළිබදව මේ වන විට තොරතුරු අනාවරණ වී තිබේ.

විශේෂයෙන් පාර්ලිමේන්තුවේදී ලබා දෙන ප්‍රකාශයක් පවා හැන්සාර්ඩ් ගත වේ.එනම් වසර 100ක් ගත වූවත් එම ප්‍රකාශය පාර්ලිමේන්තු වාර්තාවලින් සොයා ගත හැකි ය.නිව්යෝරක් ටයිම්ස් වාර්තාව එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් පිලිතුරක් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ලබා දුනහොත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත දෙවරක් නොසිතා එයට පිළිතුරු සැපයීමට ඕනෑම මොහතක සූදානමින් සිටි අතර ඔවුන් සතුව තිබෙන සාක්ෂි එළියට දෑමීමට බලාපොරොත්තුවෙන් ද සිටියේ ය.

මෙයට බිය වූ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස විවාදයට පැවැත්වීමට පෙර සිංගප්පූරුවට පලා ගියේය.මෙම සිදුවීම බැදුම්කර වංචාවට සම්බන්ධව අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවට පැන ගිය සිදු වීම හා සමානය.නමුත් අර්ජුන් මහේන්ද්‍රන් ජනාධිපති කොමිසම හමු වේ උත්තර දුන්නත් අද වනවිට මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුව ඉදිරියේ මේ සම්බන්ධ නිළ ප්‍රකාශයක් ලබා දීමට නොහැකි වී තිබේ. මේ අනූව නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත එල්ල කර චෝදනා සත්‍ය බව පෙනී යන බව දේශපාලන විචාරකයින් ද කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here