මරණ දඩුවම දෙන්න සියල්ල සූදානම් – පොලිස්පති,අගවිනිසුරු සහ අධිකරණ ඇමති ජනපති සමග සාකච්ඡාවක

0
321
Old Parliament Building now the Presidential Secretariat offices, Colombo, Sri Lanka and modern skyscraper buildings. (Photo by: GeographyPhotos/UIG via Getty Images)

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ යෝජනාවට පසුගිය 10 වනදා රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබුණි.

දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සදහා මෙම තීරණය ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව වාර්තා වේ.

එමෙන්ම ජනාධිපතිවරයා ඉකුත් සෙනසුරාදා ප්‍රකාශ කර සිටියේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම කිසි ලෙසකින්වත් නවත්වන්නේ නැති බවය.එමෙන්ම ඒ පිලිබදව කමිටුවක් පත් කිරීම සදහා අද දිනය යොදා ගත් බවද එතුමා ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව මිට සුළු මොහොතකට පෙර අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය , පොලිස්පතිතුමා සහ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අතර තව සුළු මොහොතකින් ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සකාච්ජාවක් පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here