රාජපක්ෂ සමයේ ශ්‍රි ලංකන් බිලියන 93ක් පාඩු ලැබුවා – ලේකම් ජනාධිපති කොමිසමට කියයි

0
202

කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිළධාරි ලෙස සේවය කළ 2011 සහ 2015 කාලයේ ශ්‍රි ලංකන් ගුවන් සේවාව රුපියල් බිලියන 93ක් හා තවත් මිලියන තුන් අසූ එකක අලාභයක් ලබා තිබෙන බව එම ගුවන් සමාගමේ ලේකම්වරිය ඊයේ(23)ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ ලබා දුන් සාක්ෂි වලින් අනාවරණය විය.

මේ අතර කපිල චන්ද්‍රසේන මහතා එම ධූරයට පත් කිරීමට අදාල සුදුසුකම් කිසිවක් ජීවදත්ත ඇතුළත් ලේඛනයක් හෝ සුදුසුකම් පිළිබදව ලේඛනයක් පෞද්ගලික ලිපි ගොනුවේ නොමැති බව එම සමාගමේ ලේකම්වරිය ජනාධිපති කොමිසමට සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කරනු ලැබීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here