ITN නාලිකාව මිතූ මරා දැමුවේ ඇයි?

    0
    184

    අයි ටී එන් නාලිකාව ජනතාව අතරට ගෙන ගිය මිනිසුන් අතර නොමැකෙන නමක් සටහන් කල අදියුරුවෙකු ලෙස ශාන්ත සොයිසා ඉතිහාසගතවී හමාරය. අතිශය ජනාදරය ට පත් ටෙලිනාට්‍ය අහුරක නිර්මාණ කරුවා ඔහුය. පබා සිට පසුගියදා අවසන් වූ පිනි ටෙලිනාට්‍ය දක්වා මෙන්ම මේ වනවිට ඔබ ආදරය කරන මිතූ ටෙලි කතාවේද අදියුරු ඔහුය.

    මේ සටහට ශාන්ත සොයිසා ගේ ගුණ වැයීමට නොව,ලක්ව ඇති අසාධාරණයක් සමාජ ගත කිරීමටය.පසුගියදා ස්වාධීන රූපවාහිනී යේ  ඇතිවූ බල පෙරලියත් සමග ආයතනය උඩු යටිකුරු කරමින් සියල්ල වෙනස් කිරීමට අත්තනෝමතික තීරනයක් ගෙන ඇත.

    තීරන ගැනීමේ හැකියාව හෝ එම තීරන ක්‍රියාතමක කිරීම පිලිබදව අපට ගැටලු නැත.ගැටලුව ඇත්තේ මේ වන විට අතිසාර්ථක ටෙලිනාට්‍ය කිසිදු හේතුවකින් තොරව ගැලවීමය.අදිසි හස්තයක් නාලිකාව හරහා යන ටෙලිනාට්‍ය නවත්වා තමන්හේ බඩ වියත රැක ගැනීමට කීයක් හෝ ලබා ගැනීමේ අරමුනින් මිතූ කොටස් 55 ක් තුල හිර කිරීම සටහන් කල හැකිය. මෙලෙස අසාධාරණයට ලක් වු ටෙලි නාට්‍යය අතර රෝද තුනේ මනමාලි, සිතින් සියවර,වාලුකා, උත්තම පුරැෂ යන ටෙලි නිර්මාණද වෙයි.

    මේ හරහා අසාධාරණයක් වන රසිකයන්ට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර  සිටිමු.මිතූ තුලින් නිර්මාණකරුවා සෙවූ අවසාන ය බෙහෙවින් වෙනස්ය.

    නමුත් ගහෙන් ගෙඩි  එන්නා වගේ එකවරම ටෙලිනාට්‍ය විකාශනය පිලිබදව මත බේදාකාරී තත්වයක් උදා වීම මත හා අවසානයේ නාලිකාවේ තීරනයට හිස නැමිය යුතුය.

    දිනකට සාර්ථක මුදලක් උපයන මෙම ටෙලිනාට්‍ය විකාශනය නවතා දමන්නේ මන්දැයි කියා සොයා ගත යුතුය.අනාගතයේ ටෙලිනාට්‍ය  වල ගුණාත්මක බව වැඩි කිරීමට නාලිකාව මෙම තීරනය ගත් බව පැවසීය.ඇතැම් විට ඊටත් එහා මුදල් ගනුදෙනු තිබිය හැක.

    ශ්‍රී ලාංකික රසිකයා සොයනුයේ යොවුන් ආදරයේ මිහිර මිස දෙනවක හාමිනේගේ චීත්තයේ මල් පිලිබදව නොවේ. එබැවින් අතිශය සාහසික බොරු මවමින් හා රසික සිත් වලට ඒවා එන්නත් කොට අසරන කිරීමට නලිකාවේ ප්‍රයත්නය පුස්සක් බව නැවතත් නැවතත් සපත කරමු

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here