ගෝඨාභය ඒකාබද්ධ විපක්ෂය සමග ජාතිවාදය වපුරනවා – ගාමිණි වියන්ගොඩ කියයි

0
219

ගෝඨාභය රාජපක්ෂ මහතා වටා එක්ව සිටින ඒකාධිපති වියරුවෙන් පෙළෙන ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායම රට පුරා ජාතිවාදය, ආගම්වාදය වැපිරවීමට කටයුතු කරන බව පුරවැසි බලය සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පවසයි.

ඇතැම් භික්ෂූන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් යුතුව ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙක් කිරීමට සමාජ කතිකාවක් ඇති වී තිබෙන බව ද ඒ මහතා පැවැසුවේය.

සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (30) ප්‍රකාශ කළේය.

මෙවැනි හිට්ලර් කෙනෙක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පවසමින් ගෝඨාභය මහතාට හිතවත් හමුදාවේ හිටපු උසස් නිලධාරීන් කිහිපදෙනකු රට පුරා යමින් සිටින බවත් එය ඉතාම භයානක තත්ත්වයක් බවත් ඔහු කීය. ඒකාධිපති පාලනයක් ඇති වූ රටවල් විනාශ වී ඇති බවට ඉතිහාසයේ සාක්ෂි පවතින බවත් හිට්ලර් බලයට පත් වන විට තනි රටක් වූ ජර්මනිය දෙකඩ වූ අතර නැවතත් රට එක්සේසත් කිරීමට වසර 70 ක් ගත වූ බවත් හෙතෙම මතක් කළේය. පසුගිය ආණ්ඩුව කාලයේ වංචා දූෂණ සිදු කළ පුද්ගලයන් අදටත් නිදැල්ලේ සිටින්නේ යැයි ද, ඔවුන්ට නිසි ලෙස නීතිය ඉටු කළ යුතු යැයි ද ඔහු කීය. වත්මන් ආණ්ඩුව බලයට පත් වීම සඳහා ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ද ඔහු පැවැසුවේය. මේ අවස්ථාවට පුරවැසි බලය සම කැඳවුම්කරුවන් වන කේ.ඩබ්ලිව්. ජනරංජන, සමන් රත්නප්‍රිය, මහාචාර්ය සරත් විජේසූරිය මහත්වරු සහභාගී වූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here