ෂෙහාන් සේමසිංහ අබාධිත රණවිරුවන්ට මැච් බලන්න නොමිලේ ටිකට් දෙන්න එපා කියයි

0
284

පසුගියදා ශ්‍රි ලංකාව ජයග්‍රහණය කරනු ලැබූ විස්සයි-විස්ත තරගයේ ප්‍රවේශපත් 800ක් පමණ ඇමති ෆයිසර්ගේ හිතවතුන්ට ලබා දී ඇති බව ඊයේ දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ චෝදනාවක් එල්ල කර සිටියේ ය.

මේ පිළිබදව අප සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙම ටිකට්පත් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් ලබා දී ඇත්තේ දේශය වෙනුවෙන් සටන් කර අබාධිත තත්වයට පත් වූ රණවිරුවන්ට සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරන ළමයින් සදහා ය.

රණවිරුවන් වෙනුවෙන් ක්‍රිකට් තරගය නරඹන අතරතුරු ක්‍රිකට් ආයතනය මැදිහත් වීමෙන් නොමිලේ කෑම බීම ලබා දීම ද සිදු කරයි.අපේ රට වෙනුවෙන් අබාධිත තත්වයට පත් වූ රණවිරුවන්ට මේ ආකාරයට ටිකට්පත් ලබා දීම වැරැද්දක් ද?

විශේෂයෙන්ම රණවිරුවන් සදහා මේ අනුග්‍රහය ලබාදුන්නෙ ජනාධිපතිතුමාගෙ මැදිහත්වීමෙන් ෆයිසර් මුස්තාපා ක්‍රීඩා ඇමතිවරයා විසිනි. . ජීවිතේ ඇඳක් උඩ, කාමරයක් ඇතුලෙ ජීවත්වන ඔවුන්ට මේ ලබාදුන් වෙනසට ඇත්තෙන්ම ගොඩාක් වැදගත්.

ඔවුන් මේ රට රැක්ක මිනිස්සු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here