ශිරාණිව ගෙදර යවපු විදිය මතක් කරමින් මහින්දගෙන් විශේෂ මහාධිකරණ විනිසුරුවරුන්ට බලපෑම්

0
148

රාජපක්ෂ පාලන සමයේ සිදු වූ මහා පරිමාණ දූෂන වංචාවන්ට විශේෂ මහාධිකරණය මගින් ක්ෂණිකව ක්‍රියාත්මක වීමත් සමග රාජපක්ෂ පවුල විශාල ලෙස කම්පාවට පත් ව සිටින බව වාර්තා වේ.

විශේෂයෙන් මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්ගේ නඩුව සහ ගෝඨාභය රාජපක්ෂගේ දෙමව්පියන්ගේ ස්මාරක සම්බන්ධයෙන් නඩුව යළි ආරම්භ කිරිමට විශේෂ මහාධිකරණය කටයුතු කිරීමත් සමග එයට බියට පත් ව සිටින රාජපක්ෂ පවුල එහ මහාධිකරණ විනිසුරුවන් බියට පත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

විශේෂයෙන්ම හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායකට අත් වූ ඉරණම සිහි කරමින් මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් බිය වැද්දීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.මේ සදහා රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය දෙන නිතීඥ කණ්ඩායමක් ද සම්බන්ධ කොට ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයාගේ සැලසුමක් අනූව සිදුවන මෙමගින් විනිසුරුවන්ට බලපෑම් එල්ල කරනුයේ යළිත් තමන් පාලන බලය ලබා ගත් විගස ඔවුන්ට විදින්න සිදු වන කරදර සම්බන්ධයෙන් ප්‍රචාරණයක් ඔවුන්ට හැග විමෙන් මෙය ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here