ඒකාබද්ධය ගැසු බෙරයකුත් නැත – බෙරේ පලුවකුත් නැත –

0
267

ගැසු බෙරයකුත් නැත බෙරේ පලුවකුත් නැතයි කියමනක් තිබේ. විපක්ෂය නැටන ලද නාඩගම අපට සිහිපත් කරනේද එයමය. කිවේ කොළඹ වටකරන බවය. අකර්මන්‍ය කරන බවය. අවිෂබමය මෙලෙසටම කොළඹට මෙලෙසටම සිසුන් රැගෙනවිත් නගරය පැය කිපයකට අකර්මන්‍ය කලේය. කොළඹ වට කරන්නට සෙනග ගෙනෙන්ට කතා කරනු ලැබුවද සරැංගල් සැනකෙලියට දෙරන නාලිකාව මිට වැඩියෙන සෙනග අද්දවා ගත්තේය.

මහින්ද සමග නැගිටින්නට කතා කල නුගේගොඩ රැලියද, මොවුන්ගේ මැයි දින රැලිය ද මිට වඩා සාර්තක පනිවුඩයක් සමාජගත කිරිමට සමත් වු බව කිවයුතුව තිබේ.නමුත් මෙදා සමාජගත කරන්නට කිසිදු පනිවුඩයක් ඉතිරිකොට තබා ගොස් නැත. ඉතිරිව ඇත්තේ බස් දහසකට වියදම් කරනු ලැබු මිලියන 500 ක මුදලත් සංවිදායක වරැන්ට තම පාක්ෂිකයන්ගේ කෑම බිම සහ අරක්කු සඳහා ගිය වියදමත් පමනක් යයි සිතේ.
බන්දුල ලා විමල් ලා කියු කථා ඇසු ආන්ඩු විරෝධීන් සිහින දැක්කේ ටියුනිසියාවේ සිදුවු ලෙස හෝ ඊජිප්තුවේ සිදුවු ආකාරයට ආකාරයට ආන්ඩුව ගෙදර යවන තෙක් කොළඹ වට කර ගෙන සිටිනු ඇත යනුවෙනි. නමුත් රාජපක්ෂ පවුලට තිබුනේ තම වහල් ජනයාගේ සිතුම් පැතුම් ඉටු කිරිමේ අවශ්‍යතාවය නොවේ. ඔවුනට තිබුනේ වෙනත් ඉලක්ක වැලකි. ඉන් පලමුවැන්න අධිකරනය බිය කිරීම සඳහා ජනබලය පෙන්විමටය. දෙවැන්න වුයේ තම පුත්‍රයාව බලවේගය තුල මිලඟ නායකයා ලෙස බැසිල් හා ගෝඨාබය අභිබවවා අභිෂේක ගන්වන්ටය.
තුන්වැන්න ගෝඨාබය ලවාම තමන් දෙවනි පෙල නායකයෙක් පමනක් බව තම බලවේගයට ඒත්තු ගන්වන්නටය. නමුත් බැසිල් මෙම කෙමන මගහරින්නට සමත් වුයේ කලින්ම රට පැනගත් නිසාය. බැසිල් ගේ මෙම හැසිරිමම සැප්තැම්බර් 5 දා මහා පෙරලියක් අරමුනු කොට නො තිබු බව ට ප්‍රබල සාකෂියකි. නැති නම් පොහොට්ටුවේ නිර්මාතෳවරයා ආන්ඩු පෙරලියේ වෙඩිමුරය තබනදා එය මගහැරිම කිසිසේත්ම සිදුවිය නොහැක්කකි.
සියලු කුනු බේරැවල් බොක්කටයි කියන්නාක් මෙන් සියලු පව් දැන් නාමල් බබාගේ ගිනුමට බැරවෙමින් තිබේ. මහින්දගේ ප්‍රතිරැපය වටා ගොනුවුනු අතිවිශාල සංඛ්‍යාවක්වු වහලුන් හැරෙන්නට උපාය උපක්‍රම තෝරන්නට මහින්ද වටා සැබෑ දේශපාලනික නායකයන් නොමැතිබව මොවුන් නැවත වරක් ඔප්පූ කරමින් සිටි. මහින්ද පැරදුනේ ජනාධිපති තරඟයකිනි. මහින්ද සමග නැවතත් නැගිටින්නට අවැසි නම් එසේ කල යුත්තේ ද ජනාධිපති තරඟයකිනි.
පලාත් පාලන ඡන්දය හෝ පලාත් සභා චන්ද දිනා ගැනිම ඒ සඳහා අත්‍යාවශ්‍ය පුර්ව කොන්දේසියක් නොවේ. නමුත් ඒකාබද්ධය වේවා පොහොට්ටුව වේවා ජනාධිපති ජයග්‍රහනයකට ගව්ගානනක් පිටු පසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here