සහෝදරයාට සහ කාර්ය මාණ්ඩලික ප්‍රධානීයට ජනපති මෛත්‍රී නැව්වේ නැති නිතීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයට නවයි ද?

0
343

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයෙක්ගේ පුද්ගලයන් 11දෙනෙකු අත්අඩංගුවට සම්බන්ධව සැකකරු වූ නේවි රුවන් හට එවකට නාවික හමුදාපතිවරයා ලෙස සිටිමින් නවාතැන් සහා ආරක්ෂාව සැපයූ බවට සාක්ෂි ඇති බව සදහන් කල පරීක්ෂණ කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයාගෙන් අවශ්‍ය ප්‍රශ්න කිරිමට පූර්ණ බලය සහ අවසරය ලබා දී තිබිණි.

අදාල සිද්ධිය සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රශ්න කිරීමට ජනාධිපතිවරයා විසින් ඉඩ නොදෙනු ඇතැයි සාවද්‍ය පුවත් මවමින්  දෙමළ ඩයස්පෝරාවේන් සහ කප්පම්නකරුවන්ගෙන් මුදල් ගන්නා කණ්ඩායමක් විසින් නිතීයේ ස්වාධීනත්වය ලංකාව තුළ නැවත වතාවක් කඩා වැඩී ඇති බව ජනාධිපතිවරයාට ඇගිල්ල දිගුකරමින් චෝදනා කොට තිබේ.එසේනම් එය එසේනම් යහපාලන රජය තුළ මෛත්‍රීගේ නායකත්වයයෙන් එය එසේ සිදු විය හැකි ද?

ජනාධිපතිවරයාට පාලන බලය හිමි වූයේ අග්‍රවිනිශ්චයකාරවරයෙකු ගෙදර යැවූ රටකි.දූෂිත තත්වයෙන් වෙලී තිබුණු අධිකරණයක් සහ අධිකරණ අමාත්‍යංශයකි.උසාවියේ නඩු තිබුණේ දේශපාලන පලිගැනීම් වෙනුවෙනි.එවැනි රටක පාලන බලය ලබා ගත් ජනාධිපතිවරයා අත තිබුණු ප්‍රධාන අභියෝගයක් වූයේ අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම ය.

ජනාධිපතවරණයේදි රට හමුවේ පොරොන්දු වූ අධිකරණයේ ස්වාධිනත්වයට තැබූ පලමු පියවර වූයේ ස්වාධීන කොමිෂන් සභා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පූර්ණ ලෙස බලාත්මක කරමිනි.එමගින් සිදු වූයේ අගවිනිසුරු සහ මහාධිකරණ ආදි ප්‍රධාන විනිසුරුවන් පත් කිරීමේ ජනාධිපතිවරයාගේ බලය ව්‍යවස්ථා දායක සභාවකට පැවරීම ය.එමගින් සිදු වූයේ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් විසින් අගවිනිසුරු පත් කිරීම ය.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරිම සදහා ජනාධිපතිවරයා විසින් අධිකරණ තීන්දුවලට පවා යටත් වෙමින් ඒවා පිලිගැනීමට පවා කටයුතු කරනු ලැබීය.තමාගේ ධූර කාලයේ සීමාව කොපමණ කාලයකට පමණක් සීමා වේද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්  මත විමසුම හිස නමා එය පිළිගනු ලැබී ය.ඒ තුළ තිබෙනුයේ අධිකරණ තීන්දු පිළිගැනීමට ජනාධිපතිවරයා සූදනම් බව ය.නමුත් රාජපක්ෂ පාලනය විසින් එවකට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දු සතපහකට ගණන් නොගත් බව නොරහසකි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට කිසිදු අවස්ථාවක අභියෝග කරන්නේ නැත.නඩුවලට මැදිහත් වන්නේ නැත.යහපාලනය ගෙන ආ ජනාධිපතිවරයා නිතීයේ ආධිපත්‍ය සුරක්ෂිත කල අවස්ථාවන් ගණනාවක් ඇත.

තම බාල සහෝදරයා මාරක රිය අනතුරක් සිදු කර අවස්ථාවේදී එය ආරංචි වූ DIG වික්‍රමසිංහ ජනාධිපතිවරයා අමතා සදහන් කරේ ඔබගේ සහෝදරයාට මේ ආකාරයේ ප්‍රශ්නයක් ඇති ව තිබෙන බවත් ය.එය පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ ලංකාවේ වෙන හැම රිය අනතුරක්ම් මට ඔය විදියට කියනව ද යනුවෙනි.තම සහෝදරයාටවත් ජනපති මෛත්‍රී නිතීය නැමුවේ නැත.අවසානයේ දී සහෝදරයාට දින ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින්නට විය.

තමන්ගේ ළගින්ම වැඩ කරමින් සිටි හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී මහානාම කෝටි ගණනක අල්ලසක් ගෙන අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට සහ පොලිසියට උපදෙස් ලබා දුන්නේ රටේ දැනට බලපවත්නා නිතීය උපරිමයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩලයේ කිසිදු නිළධාරියෙකුට මහානාම සමග කිසිදු සම්බන්ධයක් පවත්වා නොගන්නා ලෙස කියා සිටි අතර එසේ වුවහොත් ඔවුන්ට ඉවත් කිරිමට පසුබට නොවන බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

මේ අතර රාජපක්ෂ පාලන සමයේ වංචා දූෂණ සම්බන්ධව නීතිය මෙ වනවිට ක්‍රියාත්මක වේ .ඒ අනූව මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ ළගදී අත්අඩංගුවට පත් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු වැන මහා පරිමාණ දූෂිතයන්ට එරෙහිව අද නීතීය ක්‍රියාත්මක වෙමින් පවතී.විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව තුළ සිදු වූ බැදුම්කර වංචාවට පාට පක්ෂ භේද නොබලා නිතීය ක්‍රියාත්මක කරමින් ජනාධිපති කොමිසමක් ද පත් කරනු ලැබී ය.එහි ප්‍රතිඵලයක් ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානී අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන තවමත් රක්ෂිත බන්ධනාගාර ගත ව සිටී.අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සදහා අන්තර්ජාතික පොලිසීය මෙ වනවිටත් කටයුතු කරමින් සිටින්නේ නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ජනාධිපතිවරයා ආරක්ෂා කල නිසාවෙනි.

විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවමින් අධිකරණ කටයුතු කාර්යක්ෂම කරමින් වංචා දූෂණ නඩු එකදිගට දවස් ගණනාවක් ඇසීම මේ වනවිට සිදු වෙමින් පවතී.එය ද සිදු වූයේ වත්මන් ජනාධිපතිවරයා නිතීයේ ආධිපත්‍ය තවදුරටත් පුළුල් කරමින් ශක්තිමත් කල නිසා ය.

 මේ අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය සහ අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිසන් සභාව දූෂණ වංචා නඩු ලිපිගොනු 83ක පරික්ෂණ කටයුතු මේ වනවිට අවසන් ව තිබේ.කාර්යක්ෂමව මෙලෙස කටයුතු කිරිමට පොලිසියට මෙන්ම අදලා රාජ්‍ය ආයතන පද්ධතියට බලය ලැබී තිබෙන්නේ නීතීයේ ආධිපත්‍ය සුරක්ෂිත කල නිසාවෙනි.

 මේ ආකාරයට ජනාධිපතිවරයා නීතීයේ ආධිපත්‍ය මෙන්ම අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කිරිම වෙනුවෙන් කැප වීම මෙරට ඉතිහාසයේ කිිසිදු ජනාධිපතිවරයෙක් අතින් සිදු නොවිණු අතර වත්මන් ජනාධිපතිවරයා නිතීයේ ආධිපත්‍ය වෙනුවෙන් කැප වූ නායකයෙක් ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here