සෙනග නෑ -නාමල් එක්ක මහින්දව ගොඩගන්න බෑ -පොහොට්ටුවේ ප්‍රබලයින්ගෙන් නාමල්ට කුණුහරුප වරුසාවක් ආ හැටි

0
421

පොදු ජන පෙරමුණ ඉතිහාසයේ අසාර්ථක රැලිය 05 වනදා සිදු කරන ලදි.අසාර්ථකත්වය නිසාම පොහොට්ටුවේ නායකයන් එන්න එන්නම කචල් වෙමින් පවතී.

අවසානයේ දී අසාර්ථකම රැලියෙන් පසු බැසිල් රාජපක්ෂට වට්ස්ඇප්,වයිබර් ඇමතුම් ගණනාවක් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් වන උදය ගම්මන්පිල,විමල් වීරවංශ ඇතුළු බැසිල් වීරෝධීන් විසින් ලබා දී තිබේ.

විශේෂයෙන්ම ඔවුන් කියා තිබෙන්නේ තවදුරටත් නාමල් රාජපක්ෂ සමග රැලි සිදු කළ නොහැකි බවත් එය අසාර්ථක ප්‍රයන්තයක් බව ය.පොහොට්ටුවේ ප්‍රබලයින් නාමල් රාජපක්ෂට තැන තැන බැන වදිමින් කියා සිටින්නේ ගෝල් ෆේස් එකෙන් ගත්ත හයිය ලේක් හවුස් වට රවුමෙන් නැති කර ගත් බව ය.

ඒ අස්සේ මහනුවර රැලියක් කරන්නට නාමල් ලෑස්ති වීම ගැන ඔවුන්ට ඇත්තේ කණගාටුවකි.එසේ සිදුවනවා නම් තමන් ඇතුළු ප්‍රබලයින් එය වර්ජනය කරන බව ද බැසිල් ට කියා තිබේ.

පොහොට්ටුවේ අව්‍යාජ පාක්ෂිකයන් පවා රැලිය අසාර්ථක බවත් මහින්ද රාපක්ෂට බැන බැන නිවෙස් වෙත බලා යන දර්ශන ඔබ දකින්ට ඇත.

පොහොට්ටුව තුළ දැනමටත් ඇති වෙමින් පවතින මෙම අරගලය හේතුවෙන් මීලග ජනාධිපතිවරණයට සුදුස්සා ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු යැයි මතයක් ද පොහොට්ටුවේ ප්‍රබලයින් තුළ ඇති ව තිබේ.

එය එසේ වීමෙන් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති සිහිනය ද බොද වෙමින් තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here