ඕස්ට්‍රියාවේ තානාපති සේවයේ නිළධාරින් ලංකාවට එන්න බෑ කියයි – ඇත්ත මෙන්න

0
364

ඕස්ට්‍රියා රාජ්‍යයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ වසර 03ක පමණ සේවා කාලය සම්පූර්ණ කරනු ලැබූ තානපති නිළධාරීන් නැවත ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඇතැම් නිළධාරීන්ට සේවා දිගුවක් ලබා දී ඇති අතර සේවා දිගුවක් ලබා නොදුන් නිළධාරීන් ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබේ.මෙයට හේතු වී තිබෙන්නේ පෞද්ගලික කාරණා බව වාර්තා වේ.ඔවුන් කියා සිටින්නේ තමන්ගේ පවුල් ඕස්ට්‍රියාවේ ජන ජිවීතයට පුරුදු ව ඇති බවත් තම දරු දැරියන් ද එම රටවල අධ්‍යාපනය ලබන බවත් එකවරම ලංකාවට පැමිණිය නොහැකි බවත් ය.

මේ අතර අප්‍රිකානු රාජ්‍යන් හි තානාපති කාර්යාල වෙත තමන්ව නොයවන ලෙසත් යුරෝපයේ ජර්මනිය,නෝර්වේ,ස්වීඩන් වැන තානපති කාර්යාල වෙත තමන්ව යවන ලෙස ද ඔවුන් ඉල්ලා තිබේ.

සේවා කාලය සම්පූර්ණ කරනු ලැබු තානාපති කාර්යාල නිළධාරීන් මෙලෙස හැසිරීම අතිශයින්ම කණාගටුදායක ය.විශේෂයෙන් රාජ්‍ය සේවය වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු නොකර තම සුඛ විහරණය ගැන සිතීම ද කණාගාටු දායක නොවේ ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here