නැගෙනහිර කොළඹ වරාය ඉන්දියාවට දෙන්න හැදූ රනිල්ට ජනපති එරෙහි වෙයි

0
112

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු නොදෙන බවට ඊයේ (16) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිය යුතු බවට යෝජනාවත් කැබිනට් මණ්ඩලය ඉදිරිපත්ව ඇති අතර ජනාධිපතිවරයා ඊට විරෝධය පළකර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා විය.

මෙම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රවර්ධනය කළයුතු බවට වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් යෝජනා කර ඇති අතර අගමැතිවරයාත්, මලික් සමරවික්‍රම ඇමැතිවරයාත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ඉන්දියාවට බදුදීමට සාකච්ඡා කර ඇතැයි ප්‍රකාශ කර තිබේ.

තමන් නුදුරු දිනකදී සිදු කිරීමට නියමිත ඉන්දීය නිල සංචාරයෙන් පසුව කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ඉල්ලීමක්ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here