නව රජයේ ඇමතිධූර ගන්න එජාපයේ 15ක්?විස්තරේ මෙන්න

0
421

නව රජයේ ඇමති තනතුරු කිසිවක් භාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දෙතුන් දෙනෙකු හැර වෙනත් කිසිවෙකු ඇමති ධුර බාර නොගැනීමට ද තීරණය කර තිබේ.

ඒ අනුව කැබිනට් ඇමතිධූර දැනට 17ක ප්‍රමානයක් පුරප්පාඩුව පවතින අතර නියෝජ්‍ය ඇමති ධුර 29ක් පුරප්පාඩුව පවතී.

එම ඇමති ධුරයන් සදහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් අවම වශයෙන් 12-15ත් අතර පිරිසක් පැමිණෙනු ඇති බව ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් සදහන් කලේය.

ඔවුන් දිවුරුම් දීම එළැඹන 16 වැනිදා තෙක් අවස්තා කිහිපයකදිම සිදුවනු ඇති බවත් ඇතැම් මන්ත‍්‍රිවරුන් විසින් යොදාගන්නා සුබ නැකැත් වේලාවන්ද යොදාගෙන ඇති බවත් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here