ෆේස්බුක් තහනම බොරුවක්.විස්තරේ මෙන්න

0
59

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

පවතින රජය විසින් මාර්තු මස මෙන් නැවත වරක් ෆේස්බුක් අඩවිය ඇතුළු අනෙකුත් සමාජ මාද්‍ය අඩවි අවහිර කිරීමට සුදානම් නමින් පැතිර යන පුවත සාවාද්‍ය පුවතක් බවත් මෙවැනි තොරතුරු කිසිදු සොයාබැලීමකින් තොරව සාමාන්‍ය ජනයා අතර පතුරාලීමෙන් වලකින ලෙසත් අදාළ මාධ්‍ය අංශ වලින් ශ්‍රී ලංකා පරිවර්තන සමුහය(ෆේස්බුක්) ලෙස අප සමුහය ඉල්ලා සිටින අතර මේ පිලිබදව සාමාන්‍ය ජනයා අනවශ්‍ය බියක් ඇති නොකරගත යුතු බවත් වගකීමකින් දන්වා සිටිමු.

තවද මෙවැනි සාවද්‍ය පුවත් එක්තරා කණ්ඩායමක් විසින් සුක්ෂමව විවිධ වූ මාධ්‍ය නාලිකාවන්හි නාමයන් යොදාගෙන ජනයා අතරට ගෙනයාමට යම් උත්සහයක් දරනා ආකාරය මේ දිනවල ඉතාමත් පැහැදිලිව දැකගත හැකිය.මෙම කණ්ඩායම මාස ගණනාවක් තිස්සේ ෆේස්බුක් නැවතත් තහනම් කිරීමට එම කණ්ඩායමේ සාමාජිකයන් වන හිටපු මැති ඇමතිවරුන් රැසක් යොදාගෙන කටයුතු කල බවත් දැනගන්නට ලැබේ.

ආසන්න උදාහරණ වශයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විසින් “කොලඔ ආරක්ෂක සමුළුවේදී ෆේස්බුක් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය ජාල ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි පැවසීම” , ළමා හා කාන්තා කටයුතු ඇමතිනී විසින් ලෝක ළමා දින ජාතික උත්සවය අමතමින් සිදු කල “ෆේස්බුක් තහනම් යෝජනාව” ගත හැකිය.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here