චන්ද්‍රිකා මහ බැංකු අධිපතිට යන්න එපා කියයි.හේතුව රුපියල නග්ගවා මිනිස්සු සහ ආණ්ඩුව අමාරුවේ දැමීම

0
165

ශ්‍රී ලංකා මහ බංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි සිය ධුරයෙන් ඉල්ලා අස් නොවීමට තීරණය කොට ඇති බව මහ බංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු මහ බංකුවේ අධිපති බැදුම්කර වංචාවේ මහා මොලකරු අර්ජුන මහේන්ද්‍ර ඉතිහාසයේ සිදු වූ විශාලතම මුදල් වංචාව හේතුවෙන් ඉවත් කල පසු මහ බංකුවේ අධිපති ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි පත් කල අතර ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ඉතා ලගම හිතවතෙකි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ නැවත අගමැති කරවීමේ කාර්යය සඳහා කැපවි වැඩ කරමින් ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ ජනාධිපති ඇතුළු රජය නීතිවිරෝධී ලෙස ක්‍රීයා කරන බව ඇගවීමට උත්සහ ගනිමින් සිටින හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක නොයෙකුත් උපායමාර්ග ඔස්සේ වර්තමාන ආණ්ඩුව අපහසුවට පත් කිරිමට උත්සහ ගනිමින් සිටින අවස්ථාවක මෙම ආණ්ඩුව ජනාධිපතිවරයා විසින් පත්කිරිමට පෙර තම පවුලේ උදවිය එංගලන්තයේ වෙසන බැවින් පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වීමට අවශ්‍ය බව දන්වා සිටි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි හදිසියේ ඔහු විසින්ම එම තීරණය වෙනස් කර ඇති බවද වාර්තා වෙයි.

මෙම තීරණය පිටුපස සිටින හදිසි හස්තය කුමක්ද යන්න ගැටලුවකි.

දිනෙන් දිනම ඇමරිකානු ඩොලර්යේ අගය ඉහළ යමින් ඉතා දරුණු ලෙස රුපියල අවප්‍රමාණය වීම මේ වනවිට මහා බංකුවේ අධිපති ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමිට පාලනය කර ගැනීමට නොහැකි වී ඇති අතර මේ වනවිට මහ බැංකුවේ ආයෝජනය කොට ඇති ජාත්‍යන්තර බැදුම්කර විශාල වශයෙන් ඉවත් කර ගැනීම නිසා දෙසැම්බර් මස වනවිට ශ්‍රීලංකාවේ රුපියල ඇමරිකානු ඩොලර්යට සාපේක්ෂව රුපියල් 200 ඉක්මවා යෑමේ අවදානමකට ද මුහුණ දීමට සිදු වනු ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here