රටට හිතැති ජනපති සටන ජයගනී එජාපයට හිතැති අනුර කරූ පසු බසිති

0
202

ඊයේ (18) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැති සර්ව පාක්ෂික හමුවේදී පැමිණි එකඟතාවය අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අද(19) පාර්ලිමේන්තුවේදී සාමකාමීව හා සම්මුතිවාදී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් කටයුතු කර තිබිණි.

අද(19) පස්වරු 1 ට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අතර, එහිදී පාර්ලිමේන්තුව නොවැම්බර් මස 23 වන දා පෙරවරු 10 දක්වා කල් තැබීය. මෙහි විශේෂ්‍යත්වය වූයේ කතානායක කරූ ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුව පැමිණයේ නැත.

ඒ අනුව අද පාර්ලිමේන්තුව ඉතා සාමකාමීව වැදගත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර ඒනිසා කතානායකවරයා මීට පෙර හැසිරි ඇත්තේ පක්ෂාග්‍රාහීව පාර්ලිමේන්තු ක්‍රමයට විරුද්ධව නිවැරදි ක්‍රමවේදයට නොවන බව බව පැහැදිලිවේ.

මේ අතර ඊයේ පැවැති සර්ව පාක්ෂික හමුවට කතානායකවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවීය. එහිදී ජනාධිපතිවරයා සමග පැවැති එකගතාව අනුව අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග,පාර්ලිමේන්තු සම්ප්‍රදායාන්ට අනූව කටයුතු කර තිබිණි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇතිකරමින් අර්බුදයක් නිර්මාණය කිරීමේ කතානායකවරයගේ සහ ජවිපෙ වැඩපිළිවෙල ජනාධිපතිවරයාගේ සාකච්ඡා සම්මුතීන් අනුව වෙනස් වී තිබේ.

මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකයින්ට හා සියලු මන්ත්‍රීවරුන්ට ස්තුතීය පළ කර තිබේ.

අවසානයේ සිදුවූයේ කාතානායක ඇතුළු ජවිපෙ නඩය පරාජය වී ජනපතිගේ තීන්දුව ජයගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here