වසන්ත සේනානායක යලි ආණ්ඩුවට අද කැබිනට් රැස්වීමටත් එයි

0
584

වසන්ත සේනානායක මහතා යළිත් ආණ්ඩුවට එක්ව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව කැබිනට් මණ්ඩල රැස්වීමට සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහභාගී වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසී ය.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබා ගත් වසන්ත සේනානායක සිය ඇමති ධුර අතහැර නැවතත් එක්සත් ජාතික පක්‍ෂයට එක්ව තිබිණි.

වනජීවී හා සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රකාශ කළේය. ඒ අනුව ජනපතිවරයා හමුවිමට බලාපොරොත්තු වන බවටත් ඔහු පැවසී ය.

තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවූ බවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ බවත් ඔහු පැවැසීය.

කෙසේ වෙතත් යළිත් ආණ්ඩුවේ ඇමැති ධූරය ලබා ගනිමින් ඔහු ආණ්ඩුවට එක්ව තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here