ජනපතිගේ සියලු බලතල ගැසට් පත්‍රයකින් රනිල් ඉල්ලූ ලිපිය ළගදීම එළියට

0
99

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට මුහුණ දීමට වන අවසන් පැය 48කට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති බලතල සියල්ලම තමන්ට පවරා දෙන ලිපියක් මගින් ඉල්ලා තිබේ.

මෙම ලිපිය මලික් සමරවික්‍රම අත රනිල් වික්‍රමසිංහ ඒවා තිබූ ඒ පිළිබදව සාකච්ඡා කිරිමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ.විශේෂයෙන්ම මෙම සාකච්ඡාව සදහා හිටපු අමාතය පාඪලී චම්පික රණවක,හිටපු අමාත්‍ය රාජිත සේනාරතන්න සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ද සහභාගී වි සිටි අතර ඔවුන් ජනාධිපතිවරයා සමග සිට ගනිමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර අද දිනයේ කැබිනට් මාධ්‍ය හමුවේ දායාසිරි ජයසේකර අමාත්‍යවරයා විසින් කියා සිටියේ ජනාධිපතිතුමාට ලිපියක් දුන්නා රනිල් තමාව අගමැති කරන්න කියලා එ් වගේම ජනාධිපති සතු සියළුම බලතල ගැසට් පත්‍රයක් මගින් පැවරිය යුතු බවද මෙහිදී යෝජනා වී තිබූ බවත් එය ප්‍රතික්ෂේප වූ බව ද කියා සිටියේ ය.

මේ අතර අපට වාර්තා වන තොරතුරු අනූව මෙම ලිපිය නුදුරේදීම නිකුත් වීමට නියමිත ය.මේ ලිපිය මගින් එජාප නායකයා ඉල්ලා තිබූ කොන්දේසි පිලිබදව තොරතුරු එලියට පැමිනීමට නියමිත වීම හේතුවෙන් එජාප ප්‍රබලයින් මෙයින් බියට පත් ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here