රනිල් ට දිනන්න බෑ,එජාපයට යන්නෙත් නෑ – විජේදාස රාජපක්ෂ කියයි

0
91

මේ වන විට අසත්‍ය ප්‍රචාරයක් සමාජගත කරල තිබෙනවා මම නැවත එක්සත් ජාතික පක්ෂයට සම්බන්ද වෙනවා කියල. ඒ පුවත මම දැඩි ලෙස ප්‍රථික්ෂේප කරනවා. යැයි ඇමති විජයදාස රාජපක්ෂ මහතා පවසයි. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා හිරු ගොසිප්ස් වෙත මෙසේ පවසා සිටියා.

මම හැමදාම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කෙනෙක්. එහෙම ගරු කරන කෙනෙක් විදියට මට රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත බලවත් කරන්න සහය දෙන්න බැහැ. මම ඉන්නෙ ජනතාවගේ පැත්තේ. රනිල් වික්‍රමසිංහ කියන්නෙ කොළඹ දිස්ත්‍රික්කෙන් ඡන්ද ගත්තට රටක් විදියට ප්‍රථික්ෂේප කරපු කෙනෙක්. අද ඔහුට හිතවත් කල්ලි කණ්ඩායම් හදාගෙන නැවත අගමැති ධූරය ලබාගන්න උත්සාහ කරනවා. 

ඔහු හැමදාම ජනතා මතයට බය කෙනෙක්, ඒකයි නිතරම ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයො හොයන්නෙ. ඉතින් එහෙම කෙනෙක් රකින්න යනවා කියන එකත් විහිලුවක්. බොහොම ස්තූතියි මට කතා කලාට. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here