අගමැති ධූරයට දුර්වලයෙක්ගේ නම රනිල් වික්‍රමසිංහ යෝජනා කරන්නේ ඇයි?

0
46

රනිල් වික්‍රමසිංහ එදා මෙදා තුර දේශපාලනේ සුදුස්සාට සුදුසු තැන දුන් පුදගලයෙකු නොවේ. ඔහුගේ කූට දේශපාලන පසුබිම තුල නිරතුරුවම දක්ෂයා පාගා බිම දමා තමන්ට අතිශය හිතවන්තයෙකු හෝ හැසිරවිය හැකි පුද්ගලයන් ලඟ තබාගන්නා පුද්ගලයෙකි. එයට හේතුව රනිල් හට එජාප නායකත්වයේ තව දිගු කාලයක් වැජඹීමේ ආශාවයි.

රනිල්ට තනතුරු අවශ්‍ය වන්නේ මූලිකව ජනතාවට සේවය කිරීමට නොවේ. ඔහුගේ රාජකීය සමාජිය ( Royal Society ) තුල තම බලය පෙන්වීමටය. එයට, අගමැතිකම, විපක්ෂ නායකත්වය සහ එජාප නායකත්වය වැනි තනතුරු තුනෙක් දෙකක් හෝ එකක් අත්‍යාවශය. එබැවින් රනිල්ගෙන් එජාප නායකත්වය ලබාගැනීම ලෙහෙසි පහසු නැත. එසේම නැගී එන නායකයෙකු හට රනිල්ගෙන් කිසිසේත්ම ඉඩක් නැත.

අද එජාප පාක්ෂිකයන් ඉල්ලන සජිත්ලාට, රවීලාට, හරින්ලාට රනිල්ගෙන් තැනක් නැත. මැතිවරණයක් වෙලාවකදී ප්‍රයෝජනයට ගැනීමට ඉත්තන් සේ භාවිතා කරනවා හැර සෙසු කාලයන්හිදී ඔවුන්ට අයිති වන්නෙ කුණු මුල්ලය. යහපාලන රජය සමයේදී පවා එක්සත් ජාතික පක්ෂය තුලින් නායකයෙකු වශයෙන් නැගී සිටින්නට හෝ දෙවන පෙල නායකත්වයකට රනිල්ගෙන් ඉඩක් ලැබුනේ නැත.

අද වන විටද එක්සත් ජාතික පක්ෂයේ ඉරණම තීන්දු කරන්නේ රනිල්‍ ය. රනිල් හැර එජාප ප්‍රභලයෙකු නායකත්වයට නම් කිරීමට රනිල් කටයුතු කරන්නේ නැත. හරීන් විසින් සජිත් වෙනුවෙන් පෙනී සිටින්නට කටයුතු කල විට රනිල්ගේ අයියාගේ නාලිකාව වන TNL නාලිකාව තුලින් හරීන් පතුරු ඇරියේය. එය කිසිසේත්ම පාක්ෂිකයන් බලාපොරොත්තු නොවූ දෙයකි.

රනිට අනුප්‍රාප්ත අගමැති වශයෙන් රනිල් අද වනවිට නම් කරන්නේ හෙට අනිද්දා දේශපාලනයෙන් විශ්‍රාම යෑමට ඔන්න මෙන්න කියා සිටින තිලක් මාරපන ය. දක්ෂ තරුණ සහ ජවසම්පන්න නායකයින් සිටිද්දී රනිල් මේ කරන්නේ පාක්ෂිකයන් හට ප්‍රජාතන්ත්‍රවාදය ඉටුකිරීමද ? ඔවුන්ට කන් දීමද ? නැත. තමන්ට හැසිරවිය හැකි පුද්ගලයෙකු අගමැතිකම සඳහා පත්කර ගැනීමේ මෙහෙයුමයි. එජාපය වෙනුවෙන් තරුණ නායකයෙකු පත්කල හොත් යන යකා කොරහත් බිඳගෙන ගොස් රනිල්ට ගෙදර යන්නට සිදුවන බව රනිල් හොඳාකාරවම දනී.

අද සිදුවන්නේද එවැනි කූටප්‍රාප්තියකට ඉඩ නොදී කෙසේ හෝ ගැලවී සිටීමට තිලක් මාරපන ඉත්තෙකු වී ඇති බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here