සතියෙන් අර්බුදය විසඳනවා ජනතාවට හිතැති තීරණයක් දීමට ජනපති දින නියම කරයි

0
217

ඉදිරි සතිය තුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද(04) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රට තුළ දේශපාලන ගැටුමක්  නොමැති බවත් රට තුළ ඇත්තේ දේශපාලන අර්බුදයක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් ඉවත් වන්න ඉවසීමෙන් කටයුතු කළ ආකාරයට වඩා පසුගිය අවුරුදු තුන හමාර තුළ ඉවසීමෙන් කටයුතු කළ බව ජනාධිපතිවරයාගේ සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය, රට විනාශ කළ බවත් යම් ප්‍රමාණයකින් ජනාධිපතිවරයාද විනාශ කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

රනිල්  වික්‍රමසිංහ මහතා අග්‍රාමත්‍ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහකතා පත්කිරීම හදිසි තිරණයක් නොවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීම,පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම අතුළු ගැසට් නිවේදන 5ක් සඳහා ජනාධිපතිවරයා විසින්  අත්සන් කරනු ලැබුවේ රට බේරා ගැනීමේ අරමුණ් බව පැවසීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා  යළි අග්‍රාමත්‍ය ධූරය සඳහා කිසි ලෙසක පත් නොකර බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමත්‍යවරයා ලෙස පත්  නොකරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ජනාධිපතිවරයාගේ අතර ඇති  පුද්ගලික ප්‍රශ්නයක් නිසා නොවන බවත්  එලෙස සිදුකරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ක්‍රමය, දර්ශනය රටට නොගැලපෙන නිසා වෙන් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here