රනිල්,මහින්ද රහස්‍ය සාකච්චාව ලීක්වෙයි මෙන්න විස්තරේ

0
3710

රනිල්-මහින්ද අතර පැවති රහස්‍ය සාකච්චාවේදී ඇතිකරගත්තා යැයි පවසෙන රහස්‍ය එකඟතාවයන් මෙවන විට සමාජයට හෙළිවෙමින් පවතී.

නැවත කිසිදු හේතුවක් මත රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ලෙස තමා පත් නොකරන බවට ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරයා පවසා ඇති පසුබිමක හිටපු අගමැති රනිල්…,මහින්ද හමුවී පවසා ඇත්තේ තමා තවදුරටත් ජනතා උද්ඝෝෂණ,ජන රැලි,පාද යාත්‍රා,කලා කරුවන් ප්‍රමුක කොටගත් විරෝධතා ඔස්සේ ජනාධිපතිවරයාට ප්‍රභල පීඩනයක් එල්ල කිරීමට කටයුතු කරන බවත් ඊට අමතරව ජාත්‍යන්තර ප්‍රජාව ඔස්සේද විදේශ තානාපති කාර්යාල හරහා ජනාධිපතිවරයාට හා රටට විශාල බලපෑමක් කොට ඒ හරහා තම අගමැති ධුරය ජනපති මෛත්‍රී හරහා නැවත ලබාගැනීමට කටයුතු කරන බවයි.

තමා මෙම සියලු ක්‍රියාමාර්ග ගත් පසුවත් ,ජනාධිපතිවරයා තමාට අගමැතිකම නොදෙන්නේ නම් ඔහු කී පරිදි පක්ෂයේ වෙනත් කෙනෙකුට නම් කිසිව්ටෙක අගමැති කම ලබා නොදන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.සැබවින්ම ඊට හේතුව වන්නේ එජාප පක්ෂ ව්‍යවස්ථාවයි . එජාප පක්ෂ ව්‍යවස්ථාවට අනුව එජාපයෙන් අගමැති ලෙස හෝ ජනාධිපති ලෙස පත්වන තැනැත්තාට එජාප නායකත්වය හිමිවේ.එම නිසා වික්‍රමසිංහ මහතා කිසි විටෙක පක්ෂයේ වෙනත් අයෙකුට අගමැති කම ලැබෙනවාට එකඟ වන්නේ නැත.ඊට හේතුව එසේ වුවහොත් තම පක්ෂ නායකත්වය ක්ෂණයෙන් තමාට අහිමි වන නිසයි.

හිටපු අගමැති රනිල්, මහින්ද වෙත තවදුරටත් පවසා ඇත්තේ මේ සියලු ක්‍රියාමාර්ග තමා ගත් පසුවත් මෛත්‍රී තමාට අගමැති දූරය නොදෙන්නේ නම් තමා ඊලගට කරනුයේ විපක්ෂයේ අසුන් ගෙන විපක්ෂ නායකයා වන බවයි.එහිදී මහින්දට ආණ්ඩුවක් හැදීමට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය හදා ගැනීම වෙනුවෙන් තමා මුස්ලිම් කොන්ග්‍රසයේ හා රිශාඩ් බදුර්දීන්ගේ පක්ශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව මහින්දගේ ආණ්ඩුවට එවීමට කටයුතු කරන බවද රනිල් ,මහින්ද වෙත පොරොන්දු වී තිබෙනවා

මේ සියලුම දේ රනිල් කරනුයේ තම පක්ශ නායකත්වය ආරක්ෂා කරගනීමටයි.අවු.20 තිස්සෙ ආණ්ඩු බලයක් ලබාගැනීමට නොහැකිවූ එජාපයට ආණ්ඩු බලය ලැබුන විට දී හෝ එය අඩියක් පස්සට ගෙන හෝ රැක ගැනීම වෙනුවට තම පක්ෂ නායකත්වය ගැන සිතා පක්ශය හා පාක්ශිකයා බිල්ලට දෙන නායකත්වයක් තවදුරටත් එජාපයට අවශ්‍ය වන්නෙ මන්ද.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here