අගමැති ධූරය සඳහා එපාපෙ නායකයෙකු තෝරාගැනීමට පක්ෂයේ රහස් ඡන්දයක්.

0
2690

අගමැති ධූරය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් නායකයෙකු තෝරාගැනීමට පක්ෂ තුල රහස් සාකච්චාවක් පැවැත්විය යුතුයැයි එක්සත් ජාතික පෙරමුණේ ප්‍රභලයින් එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තාවනවා.ඊට හේතුව වන්නේ නැවත කිසිඳු විටෙක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ලෙස පත්නොකරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමත්,රනිල් වික්‍රමසිංහ මහතා තවදුරත් සිය අගමැති සිහිනයේ එල්ලී සිටීමත්ය.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයින් ප්‍රකාශ කර සිටින්නේ 1994 සිට 2015 දක්වාම, එනම් වසර 21ක්ම එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් නොතිබුණු බවත්,එම නිසා එජාප පාක්ෂිකයන් වසර 21ක් තිස්සේ විරුද්ධවාදීන්ගේ විවිධ තාඩන පීඩන වලට,දේශපාලන පලිගැනීම් වලට ලක්වෙමින් ජීවත්වූ බවත්,එම පාක්ෂිකයන්ට සාදාරණයක් ඉටුකිරීම සඳහා විසිඑක් වසරකට පසුව හෝ ලද එකම ආණ්ඩුව රැකගැනීමට මේ මොහොතේ අඩියක් පස්සට ගෙන රනිල් ව්ක්‍රමසිංහ මහතා ක්‍රියා නොකරන්නේ ඇයිදැයි තමන්ද නොදන්නා බවයි.එම නිසා අගමැති ධුරය සඳහා තම පක්ෂයෙන් නායකයෙකු තෝරාගැනීමට රහස් ඡන්දයක් කැඳවීම යෝග්‍ය බව ඔවුන්ද ප්‍රකාශ කර සිට ඇත.

එහිදී පාක්ෂිකයින්ගේ ජනමතයට හැමදා උදැල්ල දමමින් එජාපය තුල ඒකාධිකාරියක් ඇති කරගනිමින් කටයුතු කරන එජාපයේ රනිල්ගේ කල්ලිය ඉල්ලා ඇත්තේ එම රහස් ඡන්දයට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයද සහභාගී කරගන්නා ලෙසටයි.ඒ….. පාර්ලිමේන්තු කණ්ඩායමේ පමණක් ඡන්දය විමසුවහොත් වික්‍රමසිංහ මහතා පරදීවි යැයි ඔවුන්ද විශ්වාස කරන නිසා විය හැක.

මෙලෙස ඡන්දයක් කැඳවීමට මුලික හේතුවක් වුයේ පෙරේදා (04දා) අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පෙරමුණු කණ්ඩායම් රැස්වීමේදී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දක්වනු ලැබූ දැඩි ස්ථාවරත්වය හා දැඩි ප්‍රකාශයන් පිළිබඳව එජාප මන්ත්‍රීවරු රැසකගේ ප්‍රසාදය හිමිවීමයි.එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ, පක්ෂය තමන්ගෙන් වැඩක් නොගත් බවත් සෑම අවස්ථාවකම තමා පාපිස්සක් ලෙස භාවිත කළ බවත්ය.

වැඩිදුරත් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ රට තුළ පවතින තත්ත්වය කොළඹ 07 ජීවත්වන මිනිසුන්ට නොතේරෙන බවත්, ගමේ පවතින තත්ත්වය අවබෝධ කරගත යුතුව ඇති බවටත්ය.එමෙන්ම නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීම, පොහොර සහනාධාර වෙනස් කිරීම ආදිය නොකළ යුතුව තිබූ බවත් දූෂිතයන්ට දඬුවම් දීමේ පොරොන්දුවෙන් බලයට පැමිණි ආණ්ඩුව කිසිදු දූෂිතයෙකුට දඬුවම් නොකළ බවත් මහ බැංකු බැඳුම්කර සිදුවීමෙන් එජාප නායකයන්ට සිය පාක්ෂිකයාට මුහුණ දීමට පවා නොහැකි තත්ත්වයක් උදාවූ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.මෙම ප්‍රකාශයත් සමග එජාපෙ පාර්ලිමේන්තු කණ්ඩායමම සජිත් කෙරෙහි අතිශය යහපත් අවබෝධයක් ඇතිකරගෙන ඇත. එම නිසා බොහෝ විට රනිල්ගේ අයියා ගේ TNL හි මීළඟ මඩ ප්‍රහාරය සජිත්ට විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here