සජිත්ට ඇපත් නෑ නියෝජ්‍ය නායකකම සහ මුදල් ඇමතිකම රනිල් රවීට ලියලම දීලා

0
166

ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායකත්වය හා මුදල් ඇමති ධුරය ලබා දෙන්නේ යයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාට ලිඛිතවම පොරොන්දු වී ඇති බව අද මව්බිම පුවත්පත වාර්තා කර ඇත.

දැනට එජාප නියෝජ්‍ය නායක ධුරය දරන්නේ සජිත් පේ‍්‍රමදාස මහතායි.

එක්සත් ජාතික පක්‍ෂය තුල ඇතිව තිබෙන අස්ථාවරත්වය සමනය කර ගැනීම සදහා මෙම තීරණය ගෙන ඇතැයිද පැවසෙයි.

කරුණානායක මහතා පැවති රජයේදී එල්ල වූ චෝදනා මත මුදල් ඇමති ධුරයෙන් මෙන්ම විදේශ ඇමති ධුරයෙන්ද ඉල්ලා අස්විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here